මාධ්ය අධ්යාපනය සහ මාධ්ය සාක්ෂරතාව
මානව සමාජය විග්රහාත්මකව තේරුම් ගැනීමට ඇති හැකියාව සාක්ෂරතාව නම් වේ. මාධ්ය අධ්යාපනය තුලදී අපට දැකිය හැකි මූලිකම අංශයක් ලෙස මෙම මාධ්ය සාක්ෂරතාවය පෙන්වා දියහෙකිය. මේ තුල අන්තර් සම්බන්ධතාවයක් දැකගත හැකිය. ජනමාධ්ය මගින් සන්නිවේදනය කරනවා පමණක් නොව හුදෙක් ඉතා සියුම්, සංකීර්ණ බලපෑම් මානව සමාජය වෙතඑල්ලකළ හැක.
මාධ්යයේ ක්රියාකාරිත්වය විචාරශීලීව හඳුනා ගත යුතුය. මහජනයාට ජනමාධ්ය වැඩසටහන් හරහා ඇති කරන බලපෑම විශ්ලේෂනාත්මකව, විග්රහාත්මකව, විවේචනාත්මකව හඳුනා ගැනීමේ හැකියාව මාධ්ය සාක්ෂරතාවයි. මෙය මාධ්ය අධයාපනයේම අංශයක් වේ. 1930 දශකයේ මාධ්ය අධ්යාපනය
පිළිබදව සැලකීමේදී ඔස්ට්රේලියාව, කැනඩාව, ඇමරිකාව, බ්රිතාන්ය වැනි රටවල් මාධ්ය සාක්ෂරතාවය පිළිබද වැඩි අවධානයක් යොමු කර ඇත. යම් රටක මාධ්ය භාවිතය වඩා ශක්තිමත් වීමට නම් එරට පුරවැසියන් අතර වඩා ඉහළ මාධ්ය සාක්ෂරතාවයක් අවශ්ය වේ. ජනමාධ්ය වල ගැබ් වන සංදේශ, මාධ්ය පාලනය, මාධ්ය ක්රියාකාරිත්වය, මාධ්ය බලපෑම ආදී ජනමාධ්යට සම්බන්ධ සෑම අංගයක් ගැනම ඇති විශ්ලේෂනාත්මක අවබෝධය මාධ්ය සාක්ෂරතාව තුලින් ගොඩ නගයි
දෛනික ජීවිතයේ ජනමාධ්ය තුලින් ලබාගන්නා දේ පිළිබද පුළුල් වැටහීමක් මාධ්ය සාක්ෂරතාවය තුළ නිරූපණය වඩා පුළුල් මාධ්ය ආකෘති ඔස්සේ ජනමාධ්ය සංදේශ සකස් කිරීම, ඊට සහභාගී වීම, සන්නිවේදනය කිරීම, විශ්ලේෂණය කිරීම, ඇගයීම සඳහා වන හැකියාව මාධ්ය සාක්ෂරතාවයි."
-ඇමරිකා එක්සත් ජනපදය-
(ඇස්කන් ආයතනය)
මාධ්ය සාක්ෂරතාව වඩා ඉහළ අගයක් ගන්නා රටවල් වන්නේ මාධ්ය අධ්යාපනය වඩා ශක්තිමත් රටවල් වන මහා බ්රිතාන්ය, ඕස්ට්රේලියාව, කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය යනාදියයි.
නමුත් මෙම මාධ්ය සාක්ෂරතාවය ජනමාධ්යට පමණක් අද වන විට සීමා නොකර නව මාධ්ය
උදෙසාද බලපෑමකට ලක්ව ඇත. මන්ද නව මාධ්ය මේ වන විට ගෝලීය වශයෙන් විශාල ව්යාප්තියකට ලක්ව ඇත. තාරුණ්ය වෙලාගෙන ඇති මෙම නව මාධ්ය තුලින් සමාජ ගත කරනු
ලබන සංදේශ හරහා හොඳ මෙන්ම නරකද විසරණය වනු ඇත. එබැවින් නව මාධ්ය සාක්ෂරතාවයේ වැදගත්කම අති මහත්ය. නව මාධ්ය සාක්ෂරතාවය තුලින් සමාජ ජාල වෙබ් අඩවි මෙන්ම අන්තර්ජාල සංදේශයන්හි බලපෑම විශ්ලේෂනාත්මකව, විග්රහාත්මකව, විවේචනාත්මකව හඳුනා ගැනීමේ හැකියාව ලැබෙනු ඇත.

No comments:
Post a Comment