Monday, July 30, 2018


ෂැම්පු සඳහා පින්තුර ප්‍රතිඵලෂැම්පු සහ කන්ඩිෂනර් භාවිතය පිළිබදව ඔබ දැනුවත්ද?





              ස්නානය කරන විට හෝ හිස සෝදන විට අප වැඩිදෙනෙක් තවමත් පූරුදුවී සිටින්නේ සබන් ගා හිස සේදීමයි. නමූත් හිස් කබලේ සහ හිසකෙස්වල ඉතා තදින් තටිටූවක් මෙන් බැදී ඇති කුණූ දූවිලි තෙල් හා හිස් කබලේ සමේ මැරුණූ කොටස් ආදිය සබන් මගින් පමණක් ඉතා හොඳින් ඉවත් කිරීම අපහසූය. හිස පිරිසිදු කිරීමට වඩාත් සූදුසූම ක්‍රමය ෂැම්පූ යෙදීම බව දෑන් තහවූරු වී ඇත. දීර්ඝකාලීන පර්යේෂණ මගින්. ෂැම්පූ නිපදවන ආයතන විවිධ වර්ගයේ ෂැම්පූ වර්ග වෙළෙඳ පොළට හඳුන්වාදී ඇත. මේවා ක්‍රීම් ෂැම්පූ, දියර ෂැම්පූ සහ ජෙල් ෂැම්පූ වශයෙන් විවිධාකාර වේ. එමෙන්ම ඔබේ හිසකෙස් වියළිි නම් තෙල් ගතියෙන් යූක්ත නම් හිස්කබල වඩාත් සංවේදී නම් හිස්කබල වියළි හෝ තෙල් ගතියෙන් යූක්ත නම් ඔබ තෝරාගත යූත්තේ ඒ තත්ත්වය සඳහාම නිපදවූ ෂැම්පූය. උදාහරණයක් වශයෙන් ඔබගේ හිස්කබල සහ හිසකෙස් අධික තෙල් ගතියෙන් යූක්ත නම් ඔබ තෝරාගත යූත්තේ ඩෙටර්ජන්ටි අධික ෂැම්පූ වර්ගයකි. එමෙන්ම හිස්කබල හා හිසකෙස් වියලි ගතියෙන් යූක්ත විට ඩෙටර්ජන්ටි අඩූ ෂැම්පූ සූදුසූය.


ෂැම්පු සඳහා පින්තුර ප්‍රතිඵල


ෂැම්පූ වර්ග නිපදවන ආයතන විසින් ඒවා විවිධ නම් වලින් හඳුන්වා ඇත. එසේ නම් කොට ඇත්තේ එම ෂැම්පූ වල අඩංගු ඖෂධ හෝ සූවඳ පදනම් කරගෙනය. උදාහරණයක් වශයෙන් ඔරේන්ජ් ෂැම්පූ, කොකනටි ෂැම්පූ, ලෙමන් ෂැම්පූ, හර්බල් ෂැම්පූ, ආදී වශයෙන් මේවා නම් කර ඇත. එමෙන්ම වඩාත් සූදුසූ කුමන වර්ගයේ හිසකෙස් සඳහාද යන්නද මේවායේ සඳහන් කර ඇත.
ඔබගේ හිසකෙස් වඩාත් සිනිදු ගතියෙන් යූක්ත නම් එයට සූදුසූ ෂැම්පූ තෝරා ගැනීම මගින් හිසකෙස් වල අධික සිනිදු බව නැතිකර ගත හැක. ඔබගේ හිසකෙස් වඩාත් ගොරෝසූ හා ඝන ස්වභාවයෙන් යූක්තනම් එයට සූදුසූ ෂැම්පූ වර්ගයක් භාවිත කිරීමෙන් හිසකෙස් වලට මෘදු හා සිනිදු ස්වභාවයක් ලබාදීමට පූළුවන. එමනිසා නිතරම ඔබගේ හිසකෙස්වල ස්වභාවය හඳුනාගෙන එයට සූදුසූ ෂැම්පූ වර්ගයක් භාවිත කිරීමට මතක තබා ගත යුතුය. මේ අනූව බලන විට කුණූ දූවිලි ඉවත් කිරීමත් සමඟම හිස් කබලේ සහ හිසකෙස්වල නිරෝගීභාවය රැකදීම සඳහාද ෂැම්පූ වර්ග නිපදවා ඇත .
ෂැම්පූ දමා හිස සෝදන විට හිස කබලේ සහ හිසකෙස් වල හොඳින් තවරා හිස්කබල මෘදුලෙස මසාජ් කළ යූතුය. පසූව සෝදන විට ෂැම්පූ සම්පූර්ණයෙන්ම ඉවත්වන තෙක් සේදීමට මතක තබා ගන්න.ෂැම්පූ නිපදවන ආයතන විශාල ප්‍රමාණයක් දෑන් වෙළෙඳපොළට ෂැම්පූ සපයන බැවින් මේවා අතර හොඳ වර්ගයේ ෂැම්පූ මෙන්ම බාල වර්ගයේ ෂැම්පූද ඇත. හොඳ වර්ගයේ ෂැම්පූ මගින් හිස් කබලේ සමේ PH අගය වෙනස් වේ. ඡ්‍ය අගය යනූ සමේ ඇසිඩ් සහ ඇල්කලයින් මනින මිම්මයි. PH අගය සාමාන්‍යයෙන් තිබිය යූත්තේ 4.5ඃ5.5 අතරය. මෙය වෙනස්වීම තුළින් හිස්කබලේ සමේ ටිෂූ ඉරියයි. ටිෂූ මගින් කෙරෙන්නේ තෙතමනය පාලනය කිරීමයි. ඇසිඩ් ප්‍රමාණය අඩූ වූවහොත් බැක්ටීරියා වර්ධනය වේ.
එම නිසා ඇසිඩ් ගතිය හොඳ තත්ත්වයේ ඇත්නම් බැක්ටීරියා හා විෂබීජ වර්ධනය නොවේ. විවිධ කාර්යයන් සඳහා හිසට ගල්වන රසායනික ද්‍රව්‍ය මගින්ද PH අගය වෙනස් විමට පූළුවන්. එම නිසා එම රසායනික ද්‍රව්‍ය ගල්වා එම කාර්යය කිරීමෙන් පසූ හොඳ වර්ගයේ ෂැම්පූ ගල්වා හිස සේදීම තුළින් PH අගය ආරකෂා වේ.
ෂැම්පූ ගල්වා හොඳින් සේදීමෙන් පසූව කන්ඩිෂනර් ගැල්විම අනිවාර්යෙන්ම කළ යූතුයි. ෂැම්පූ ගැල්වීම හේතුවෙන් හිස කෙස් වල පිහිටි ක්‍යූටිකල්ස් විවෘත වේ. ක්‍යූටිකල්ස් යනූ සාමාන්‍ය ඇසට නොපෙනෙන මාළු කොරෙපොතු වැනි ඉතා සියූම්ව හිසකෙස්වල පිහිටා ඇති දෙයකි. මේ විවෘතවූ ක්‍යූටිකල්ස් නැවත වැසූණේ නැති නම් හිරු කිරණ මගින් හා වෙනත් බාහිර සාධක මගින් හිසකෙස්වලට හානි පැමිණේ. එම නිසා මේවා නැවත වසා දෑමීම සඳහා කන්ඩිෂනර් භාවිත කළ යූතුය. ඩයි කිරීම, ස්ටේ‍රටි කිරීම,පර්ම් කිරීම ආදී කටයූතු වලදී භාවිත කරන රසායන ද්‍රව්‍ය නිසාද ක්‍යූටිකල්ස් විවෘත වේ. එවිටද අනිවාර්යයෙන්ම අවසානයේදී කන්ඩිෂනර් යෙදිය යූතුය. කන්ඩිෂනර් මගින් මෙයට අමතරව තවත් වැදගත් සේවාවන් කිහිපයක් ඉටූ කරයි. කෙස් ගසේ පිහිටි ක්‍යූටිකල්ස් හානියට පත්වී ඇත්නම් ඒවා යථා තත්ත්වයට පත්කිරිමට හැකියාවක් හොඳ වර්ගයේ ක්න්ඩිෂනර්වලට ඇත. කෙස්වලට දීප්තිමත් ගතියක් ලබාදේ. සිනිඳු බව ඇතිකර කෙස් ගැට ගැසීම අඩූකරයි. එමෙන්ම හිස කෙස්වල ඇසිඩ් සහ ඇල්කලයින් සමබර කරයි. තවද හිස් කබලේ සහ හිසකෙස්වල මොයිස්චර් ගතිය පවත්වා ගැනීමට උදවූ කරයි.

Sunday, July 22, 2018


දැන් කාන්තාවන් කාර්යබහුල නිසා නිවෙසේ පිළියෙල කරන ආහාර වෙනුවට වෙළෙඳසල්වල ඇති පාන්, බනිස් වැනි ආහාර වර්ගවලට හුරුවෙලා. ඒත් මෙවැනි ආහාර කෙතරම් ඔබට හිතකරද යන වග දෙවරක් සිතා බැලිය යුත්තක්.


අවශෝෂණය ප්‍රමාද වීම
හාල් පිටිවලින් සැකසූ ආහාරවලට සාපේක්‍ෂව බලන විට පාන් පිටි ආහාරවල දිරවීම ප්‍රමාදයි. ශරීරයට අවශෝෂණය වීමට වැඩි කාලයක් ගන්නා නිසා සිරුර තුළ වැඩි වේලාවක් තැන්පත්ව පවතියි.

ශරීර උෂ්ණත්වය ඉහළ යෑම
බටහිර යුරෝපීය රටවල වැවෙන ධාන්‍ය වර්ගවලින් නිපදවන ආහාර ගැනීමෙන් වැඩි වේලාවක් සිරුර තුළ ආහාර රඳවා සිටින නිසා ශරීර උෂ්ණත්වයද වැඩි කරවයි. නමුත් මෙවැනි ආහාර අප වැනි උෂ්ණ අධික රටවලට කොහෙත්ම ගැළපෙන්නක් නොවේ. කාබෝහයිඩේ්‍රට් අධිකව ගැනීමත් සිරුර උණුසුම් වීමට බලපානවා.

පාන් පිටි වලින් කෑම සඳහා පින්තුර ප්‍රතිඵල





                              


දිනකට අවශ්‍ය ප්‍රමාණය
සාමාන්‍යයෙන් ඔබේ ආහාර වේලක දිනකට කාබෝහයිඩේ්‍රට් 55%ත් 65%ත් අතර ප්‍රමාණයක් අඩංගු විය යුතුයි. නමුත් ඔබ ගන්නා පාන් පෙත්තකට බටර්, ජෑම් තවරා ගත් විට එය 85%ක් පමණ වන බව ඔබ දන්නවාද? සමබල ආහාර වේලක තිබිය යුතු සමතුලිත බව මින් නැතිවී යයි.

බෝ නොවන රෝග
අල, පරිප්පු වැනි ආහාර වර්ග සමඟ පාන් කෑම නිසා අවශ්‍ය විටමින්, මිනරල් හා ප්‍රෝටීන් වර්ග ලබාගත නොහැකියි. මේ හේතුවෙන් දියවැඩියාව, අධික රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝග රැසක් ඇතිවෙයි. කාබෝහයිඩේ්‍රට් අධිකව ගැනීමත් බෝ නොවන රෝගවලට හේතුවෙයි.

රුධිර ගත සීනි ප්‍රමාණය වැඩිවෙයි
සාමාන්‍යයෙන් පාන් පෙත්තක සීනි තේ හැඳි 1 1/2ක (ග්ලූකෝස්) ප්‍රමාණයක් අඩංගු වෙයි. බනිස් ගෙඩියක නම් මෙම ප්‍රමාණය සීනි හැඳි 2ක් පමණ වෙයි. පාන් භාගයක සීනි තේ හැඳි 7ක, 8ක පමණ ග්ලූකෝස් අඩංගු වෙයි. මේ නිසා දියවැඩියාව වැනි රෝග ඇතිවී රුධිර ගත සීනි මට්ටම වැඩිවී විවිධ සංකූලතා ඇතිවිය හැකියි.

සංකූලතා
තුවාල සුව නොවීම, රුධිර ගත ඉන්සියුලින් ප්‍රමාණය ඉහළ යෑම හා ශරීරයේ වතුර ප්‍රමාණය අඩු වීමද කාබෝහයිඩේ්‍රට් අධිකව ගැනීමෙන් සිදුවෙයි. කාබෝහයිඩේ්‍රට් ගැනීම ශරීර උෂ්ණත්වය වැඩි කරවන නිසා පිපාසය හා ශරීර උෂ්ණත්වයද වැඩිවෙයි.
පාන්, බනිස් වැනි ආහාර ගැනීම වඩාත් සුදුසු වන්නේ ඒවා සකසා පැය 2 1/2ක් ඇතුළතය.

ව්‍යායාම කරන අයට නුසුදුසුයි
ව්‍යායාම කළ පසු ඔබේ ශරීරයේ අනවශ්‍ය මේද දහනය කර සැහැල්ලු බවක් ගෙන දෙයි. නමුත් ඉන් පසුව ඔබ පාන් වැනි පිටි සහිත ආහාර ගන්නේ නම් එයින් ශරීරයට කිසිදු වාසියක් ඇති නොවේ. තමාගේ වැය වූ ශක්තිය මෙම ආහාර මඟින් උරා ගනියි.

පිටි ආහාර සුදුසු අවස්ථා
පාන් වුවත් තරමක් කර කරමින් (ටෝස්ට්) මේද දහනය කර ආහාරයට ගැනීම වරදක් නැත. පාන් පෙති දෙකක් අතර පිරවුමද පාන් පෙත්තක ගනකමට සමානවම සාදා ගැනීම වැදගත්ය. නමුත් මෙම පිරවුමට අල වැනි කාබෝහයිඩේ්‍රට් අධික ආහාර එක් කර නොගන්න. සලාද, තක්කාලි, මාළු, සැමන් හා ධාන්‍ය වර්ග මේවාට එක්කර ගැනීම වඩාත් සුදුසුයි. මේ සමඟ නැවුම් කිරි වීදුරුවක් පානය කරන්න. ගී්‍රන් ටී හෝ ඉඟුරු තේ පානයක් වුවත් ගත හැකියි. කිරි පිටි හෝ මෝල්ට් පාන ගැනීමෙන් තරබාරුකම ඇතිවිය හැකියි.